Search

හිටපු ජනපතිට සිංගප්පූරුවේ තවත් දින 14 ක් ඉන්න වරම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබු තාවකාලික අවසර පත්‍රය තවත් දින 14 කට දීර්ඝ කර ඇතැයි එරට වාර්තා පවසනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා තවදුරටත් සිංගප්පූරුවේ රැඳී සිටිනු ඇති බවයි එරට වාර්තා තහවුරු කරන්නේ.

ගෝඨාභය රාජපක්ෂ නුදුරේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබුණා.

එවැනි තත්වයක් හමුවේදීයි සිංගප්පූරුව විසින් ගෝඨාභය රාජපක්ෂට එරට රැඳී සිටීමට තවත් දින 14 ක

කාලයක් දී ඇත්තේ.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »