එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස වජිර දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස වජිර අබේවර්ධන කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙයි.

වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (27) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම නිසා පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සදහා මෙලෙස ගරු වජිර අබේවර්ධන මහතා පත් විය.

ඒ මහතා 1994 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත්වී තිබේ. එතැන් පටන් 2010 වර්ෂය දක්වා අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් සෑම මැතිවරණයකදීම පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ. අනතුරුව 2015 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත් විය.

එසේම ඒ මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන්ද රාජ්‍ය පරිපාලන, කළමනාකරන සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කොට ඇත. තවද ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස ද වර්තමානයේ කටයුතු කරයි.

වජිර අබේවර්ධන මහතා 1961.09.02 දින උපත ලබා ඇති අතර ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ. එසේම ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධි ධාරියෙකි.

Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »