
මින් ඉදිරියට ඔස්ටේ්‍රලියානු දින සැමරුම් නොපැවැත්වීමට මෙල්බන් නගර කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ පැවති ඡන්ද විමසීමේදී එම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
ලබන සැප්තැම්බර් 06 වනදා ඊට සම්බන්ධ විවාදය පැවැත්වෙන අතර එහිදීද අනුමැතිය ලදහොත් මින් ඉදිරියට ජනවාරි 26 වනදා මෙල්බන් නගර කවුන්සිලය විසින් ඔස්ටේ්‍රලියානු දින සැමරුම් පවත්වන්නේ නැහැ.

ඒ වෙනුවට සිදුකල හැකි විකල්ප ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි මෙල්බන් නගරාධිපතිනී සැලී කැප් කියාසිටියේ.
ඇතැම් ජන කොට්ඨාශයන්ට අපහසුතාවයක් ඇති නොවීම පිණිස මෙම තීරණය ගත් බවද ඇය ප්‍රකාශ කලා.
