
ගොඩගැසී ඇති වීසා අයදුම්පත් කඩිනමින් සලකා බැලීම මධ්‍යම රජය විසින් ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා වැඩි කාර්ය මණ්ඩලයක් යොදවන ලෙස ආගමන, පුරවැසිභාවය සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් විසින් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.
ඔස්ටේ්‍රලියානු වීසා අයදුම්පත් ලක්ෂ 10 ක් පමණ සලකා බැලීම සඳහා ගොඩ ගැසී ඇති බව සඳහන්.

ශිෂ්‍ය – සංචාරක සහ පුහුණු නිපුණතා වීසා සඳහා යොමු කරන ලද අයදුම්පත් සලකා බැලීමට ප්‍රමුඛත්වය දිමටයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.
පසුගිය මස මුල සිට මෙරටින් බැහැරදී යොමු කරනු ලැබූ අයදුම්පත් 645,000 ක් ඇතුළුව වීසා අයදුම්පත් 745,000 ක් සලකා බලා මේ වනවිටත් අවසන් කර තිබෙනවා.

සංචාරක වීසා 388,000 ක්, ශිෂ්‍ය වීසා 62,000 ක් සහ තාවකාලික පුහුණු වීසා 9,550 ක් ද ඊට ඇතුළත්.
වැඩි පිරිසකට ඔස්ටේ්‍රලියාවට පැමිණ මෙරට ආර්ථික වර්ධනයට දායක විය හැකි අතර ශ්‍රම හිගය පිරවීමට සහාය විය හැකි බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
කෙසේ නමුත් ගොඩගැසුණු අයදුම්පත් සලකා බලා සැලකිය යුතු ලෙස අඩු කිරීම එක රැයකින් සිදු කළ නොහැකි බවද ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් අවධාරණය කරනවා.