අලුත් කොවිඩ් ප්‍රභේදය රැපිඩ් පරීක්ෂණයට හසුවන්නේ නෑලු

නව කොවිඩ් ප්‍රභේද සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රතිචාර නොදක්වන බවට වෛද්‍යවරුන් කණස්සල්ල පළකර තිබෙනවා.

එබැවින් සැක සහිත රෝගීන් වෙතොත් වහා පී සී ආර් පරීක්ෂණයක් වෙත යොමුවන ලෙසයි ඔවුන් දන්වා සිටින්නේ.

රැපිඩ් පරීක්ෂණ ගණනාවක් සිදුකල ඇතැමුන් කොවිඩ් ආසාධිත බව හෙළිවී නැතත් පී සී ආර් පරීක්ෂණවලදි ඔවුන් ආසාධිතයන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

දැනට ඔස්ටේ්‍රලියාව පුරා ව්‍යාප්තව පවතින ඔමික්‍රොන් නව ප්‍රභේද 02 මෙලෙස රැපිඩ් පරීක්ෂණ හරහා හඳුනාගත නොහැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

සැබෑ ආසාධිතයන් සමාජය තුළ ගැවසීම මගින් තවත් විශාල පිරිසක් ආසාධිතයන් බවට පත්විය හැකි බැවින් පී සී ආර් පරීක්ෂණ සඳහා පමණක් යොමුවන ලෙසටත් ඔවුන් ඉල්ලා සිටිනවා.

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »