ජාතික රූපවාහිනියට පැන්න අරගලකරු ඩුබායි පනින්න යද්දි අල්ලයි

කොළඹ ගාලූ මුවදොර අරගල භූමියේ සිටි ක්‍රියාකාරිකයෙකු වන ධනිෂ් අලි අද සවස කටුනායක ගුවන් තොටුපලේ දී අපරාධ පරීක්ෂණ

දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඩුබායි බලා යන ගුවන් යානයකට ඇතුළු වී සිටියදීයි.

පසුගිය 13 වනදා ජාතික රූපවාහිනියට ඇතුළු වී විකාශන කටයුතු කඩාකප්පල් කිරීමට තැත් කළ බවට ඔහුට මීට පෙර චෝදනා එල්ල වී තිබුනා.

කෙසේ වෙතත් අද දිනයේ ඔහු අත්අඩංගුවට ගැනීමට නිශ්චිත හේතුව කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නැහැ.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »