Search

වජිර අද උදේ මන්ත්‍රී වෙයි – හවසට ඇමති

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස්වීමට නියමිතයි.

මහජන ආරක්ෂක පනත යටතේ ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය පස්වරු 04.30 දක්වා විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිතව තිබෙනවා.

2022 ජූලි 17 දිනැති අංක 2288/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් එවකට වැඩබලන ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශනය සිදුකොට ඇති අතර නෛතික ප්‍රතිපාදන අනුව එම හදිසි අවස්ථා ප්‍රකාශනය සදහා දින 14 ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා නොගතහොත් එය අවලංගු වී යන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයේ දිවුරුම් දීම නිසා පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කළ වජිර අබේවර්ධන අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලේ ඔහු අද පස්වරුවේ අමාත්‍ය ධුරයකද දිවුරුම්දීමට නියමිත බවයි.

පකිස්තානයට එරෙහි පළමු එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

සංචාරක පාකිස්තානු කණ්ඩායම සමග මෙල්බන් හීදී පැවති පළමු තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු නායක Pat Cummins පලමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ථිර රැකියා දෙනවා කියා ශ්‍රී ලාංකිකයෙකුගෙන් රු.මිලියනයක් වංචා කරලා

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙන බවට පවසා මුදල් ලබා ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා පොලිසිට ජනතාව දැනුවත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Citizenship ගත් ප්‍රධාන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

2023–24 මූල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාව ලබාගත් සංකමණික රටවල් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

‘වසරේ ඔස්ට්‍රේලියානුවා සම්මානය’ ජීවිත අවදානම නොතකා සේවයට කැපවූ වීරවරියකට

“වසරේ ඔස්ට්‍රේලියානුවා” සම්මානය සදහා 2024 අප්‍රේල් 13 බොන්ඩි හන්දියේ දී සිදුවූ පිහි ඇනුම්වලට සම්බන්ධ ඝාතකයාව නැවැත්වූ සිඩ්නි පොලිස් නිලධාරියාව නම් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා පොලීසිය වසරක මෙහෙයුමකින් වෙන්න ගිය විශාල අපරාධයක් මැඩලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන ඩොලර් බිලියන 50ක් පමණ වටිනාකමින් යුත් රසායනික ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

Read More »