ගෝඨාභය යළි ලංකාවට එන්න සූදානම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැඟවී නොමැති අතර ඔහු සිංගප්පූරුවේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද(26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේ දී යි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත ගොනු කර ඇති පැමිණිල්ල පිළිබඳව සහ එළඹෙන අගෝස්තු මාසයේ දී ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පළවන වාර්තාවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් අමාත්‍යවරයාගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්.

මෙහි දී අමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා නිල වීසා බලපත්‍රයක් ලබාගෙන සිංගප්පූරුවට ගොස් ඇති අතර, ඇතැම් වාර්තාවල සඳහන් වන ආකාරයට කිසිදු අයුරකින් රැකවරණය පතා ගිය ගමනක් නොවන බවයි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ඊයේ (25) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මාධ්‍යවේදියා විසින් මතු කළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවයි.

කෙසේ නමුත් දේශපාලනික වශයෙන් ගත් කළ, හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ගමන් සැලසුම් හෝ ඔහු නැවත පැමිණීමට නියමිත නිශ්චිත දිනයන් පිළිබඳව රජයට දැනුම් දී නො මැති බවද සඳහන් කළා.

Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »