පළමු පාර්ලිමේන්තු දිනයේදීම අගමැති සංවේදී වෙයි

ඔස්ටේ්‍රලියාවේ 47 වන පාර්ලිමේන්තුව ආරම්භ කරමින් අගමැති ඇන්තනී ඇල්බනිස් සංවේදී කථාවක් පවත්වා තිබෙනවා.

මන්ත්‍රීවරුන්ගේ යුතුකම් සහ වගකීම් පිළිබඳ අදහස් දැක්වීමේදී ඔහු මෙලෙස සංවේදී වු බව සඳහන්.

දේශගුණ විපර්යාස වැනි කරුණුවලදී තීරණාත්මක පණත් සම්මත කරගැනීම සඳහා විපක්ෂයේ සහය අපේක්ෂා කරන බවයි අගමැතිවරයා කියාසිටියේ.

පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය පැවතියත් සෙනෙට් සභාවේදී හරිත පක්ෂයේ හෝ වෙනත් විපක්ෂ මන්ත්‍රී සහය ගැනීමට ලේබර් පක්ෂයට සිදුවනවා.

වසර නවයකට පසු කම්කරු පක්ෂ රජයක පළමු පාර්ලිමේන්තු සැසිය අද ආරම්භ වුනා.

පළමු සතිය තුළ නව පනත් 18 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »