
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 100 ක් වාර්තා වී ඇත.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 40 ක්ද – නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 30 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 21 ක්ද ඊට ඇතුලත්.
කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට රෝහල්වල සිටින COVID-19 සහිත පුද්ගලයින් සංඛ්‍යාව සම්බන්ධ නව වාර්තාවක් ජූලි 25 වනදා ඔස්ට්‍රේලියාව විසින් පිහිටුවන ලදී.

ජනවාරි අග දී රෝහල්ගත කර තිබූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,390 ක් ලෙස සටහන් වූ අතර ඊයේ වන විට එය 5,429 ක් වේ.
මේ වන විට එම අගය 5,571 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වයස අවුරුදු 5-11 ත් ළමුන් අතර COVID-19 එන්නත් ලබා ගැනීම අඩු බව නවතම දත්ත පෙන්නුම් කරයි.
ජූලි 24 වන විට, 53% ක් තනි මාත්‍රාවක් සහ 40% ක් ද්විත්ව මාත්‍රා එන්නත් කර ඇත.
-SBS-