
මෙල්බන් ඇතුලු ගුවන් තොටුපළ කිහිපයක අද සිට දිගු පෝලිම් සහ ප්‍රමාදයන් ඇතිවන ළකුණු පළවී තිබෙනවා.
ගමන් මලු මෙහෙයවන්නන් (baggage handlers) විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැළසුම් කිරීම ඊට හේතුවයි.
මේ අනුව මෙල්බන් – සිඩ්නි – බ්‍රිස්බන් ගුවන් තොටුපළ සිට ක්‍රියාත්මක ක්වන්ටාස් ඇතුලු ගුවන් සේවා 20 ක පමණ මෙහෙයුම් සඳහා බාධා පැමිණෙනු ඇති බව සඳහන්.

සිය සේවා කොන්දේසි සම්බන්ධයෙන් නව ගිවිසුමක් ඇති කර ගැනීමේදී බළධාරීන් සමග හටගෙන ඇති මතභේදයක් මීට හේතු වී තිබෙනවා.
දැනට සති කිහිපයක සිට ඔස්ටේ්‍රලියාව පුරා ගුවන් තොටුපළවල පවතින ප්‍රමාදයන් සහ දිගු පෝලිම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් සමග තවත් ඉහළ යනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.
