ශ්‍රී ලංකාවේ LGBT නීති වෙනස් විය යුතුයි – මහේල

LGBT පුද්ගලයන්ට වෙනස්කම් කරන නීති ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන රජයෙන් ඉල්ලා සිටිනවා.

මහේල ජයවර්ධන කියා සිටින්නේ, ශ්‍රී ලංකාවේ LGBT පුද්ගලයන් මුහුණ දෙන වෙනස්කම්, පීඩනයන් පිළිබඳ තමා කනගාටුවට පත් වන බව යි.

නීති වෙනස් කිරීම අත්‍යවශ්‍ය වන තරමට ම අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ හරහා මානසිකත්වය වෙනස් කිරීම ද වැදගත් බව මහේල ජයවර්ධන පවසනවා.

මේ අතර, ක්‍රිකට් සහ ක්‍රීඩාව පිළිබඳ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ,

ලිංගික නැඹුරුව හෝ ස්ත්‍රී පුරුෂ භාවය නො සලකා ඕනෑ ම පුද්ගලයෙකුට ඕනෑ ම ක්‍රීඩාවක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට හැකි විය යුතු බව යි.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »