
පසුගිය මැයි මාසයේ පැවති ෆෙඩරල් මැතිවරණයෙන් පසු පළමු වරට ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව අද රැස්වනවා.
මෙලෙස අද සිට බලාත්මක වන්නේ ඉතිහාසයේ 47 වන පාර්ලිමේන්තුවයි.
ඉතිහාසයේ වැඩිම විවිධත්වයක් සහිත පාර්ලිමේන්තුව මෙවර පත්වූ අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධියේ දේශපාලනඥයින් 10 දෙනෙකු මෙවර නියෝජනය කිරීම විශේෂත්වයක්.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ද මෙල්බන් හි හෝල්ට් ආසනය නියෝජනය කරමින් පසුගියදා පැවති මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.
හිටපු අගමැති ස්කොට් මොරිසන් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී නොවන්නේ ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන සමුලුවකට සහභාගී වීම හේතුවෙනුයි.
