ඔස්ටේ්‍රලියාව තුළ කඩිනමින් මංකිපොක්ස් එන්නතක් අනුමත කරන්නැයි ඉල්ලයි

වඳුරු උණ හෙවත් මංකිපොක්ස් රෝගය වැළැක්වීම සඳහා එන්නතක් ලබා දීම පිළිබඳ හැකි ඉක්මනින් අවධානය යොමු කරන ලෙස ඔස්ටේ්‍රලියානු වෛද්‍ය විශේෂඥයන් මධ්‍යම රජයට දන්වා තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් මේ බව දන්වා ඇත්තේ.

මංකිපොක්ස් සඳහා එන්නතක් මෙරටදී තවමත් අනුමත කර නොමැති වීම ප්‍රධාන හේතුවයි.

එබැවින් එය හැකි ඉක්මනින් අනුමත කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් ඖෂධ හා චිකිත්සක අධිකාරියෙන් ඉල්ලා සිටිනවා.

වඳුරු උණ ආසාදනයෙන් පෙළෙන අයෙකු සමග සම්බන්ධකම් පැවැත්වූ ඕනෑම අයෙකුට උපදෙස් විමසීම සඳහා තමන්ගේ පවුලේ වෛද්‍යවරයා අමතන ලෙසයි ඔස්ටේ්‍රලියානු වෛද්‍ය විශේෂඥයන් සඳහන් කරන්නේ.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »