
කොවිඩ් වසංගතය හමුවේ දැඩි බලපෑම් එල්ල වී ඇති ඔස්ටේ්‍රලියාවේ Aged Care ක්ෂේත්‍රයේ සහය වෙනුවෙන් තවත් අමතර ආරක්ෂක අංශ සාමාජිකයන් යෙදවීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
ආරක්ෂක ඇමති රිචර්ඩ් මාල්ස් පැවසුවේ වෛද්‍ය බලකා සාමාජිකයන් 200 ක් මේ අනුව ඉදිරි සති කිහිපයේදී Aged Care මධ්‍යස්ථාන වෙත අනුයුක්ත කරන බවයි.
දැනට Aged Care මධ්‍යස්ථානවල රාජකාරි සඳහා යොදවා ඇත්තේ ආරක්ෂක අංශ සාමාජිකයන් 24 දෙනෙකු පමණයි.

ආරක්ෂක අංශ වෙතින් ලබාදී ඇති සහය අගෝස්තු 12 වනදායින් අවසන්වීමට නියමිත අතර එයින් පසුවද එම සහය දෙන්නැයි Aged Care හිමිකරුවන් සහ වෘත්තිය සමිති ඉල්ලීමක් කර තිබුණා.
ඔස්ටේ්‍රලියාව පුරා Aged Care මධ්‍යස්ථානවල නේවාසිකයන් 6000 ක් සහ කාර්ය මණ්ඩලයේ 3500 ක් පමණ ගතවූ කාලය තුළදී කොවිඩ් ආසාධිතයන් බවට පත්වී තිබෙනවා.
