Search

ඉන්දුනීසියා සංචාරකයන්ට එන්න නොදෙන්නැයි විපක්ෂ නායක ඉල්ලයි

ගව මුඛ සහ කුර රෝගය සම්බන්ධ අර්බුදය අවසන් වන තුරු ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා ඉන්දුනීසියාවෙන් පැමිණෙන මගීන් වෙනුවෙන් වසා තැබිය යුතු බවට විපක්ෂ නායක පීටර් ඩට්න් යෝජනා කරනවා.

ජාතික ගොවි සම්මේලනය විසින්ද එම යෝජනාව ඉදිරිපත් කර ඇතත් ෆෙඩරල් රජය නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කලේ.

කෙසේවෙතත් නියෝජ්‍ය අගමැති රිචර්ඩ් මාල්ස් අවධාරණය කරන්නේ ඔස්ටේ්‍රලියාව සතුව ශක්තිමත් ජෛව ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බැවින් අනවශ්‍ය ලෙස කලබලයට පත්විය යුතු නොමැති බවයි.

සියලුම ගුවන් තොටුපළවල ජෛව ආරක්ෂණ නිළධාරීන් සංඛ්‍යාව වැඩි කර ඇති බවද ඔහු කියාසිටියා.

මෙල්බන් සහ ඇඩිලේඩ් ගුවන් තොටුපළවලින් පසුගියදා ගව මුඛ සහ කුර වෛරස් කොටස් සහිත මස් පාර්සල් හමුවී තිබුණා.

ඒ අනුව ඉන්දුනීසියාවෙන් පැමිණෙන සියලු ගුවන් මගීන්ගේ පාවහන් හා සපත්තු විෂබීජහරණය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »