
ඉදිරි දෙසතියක කාලය ඇතුළත සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
ඒ අනුව කැබිනට් ඇමතිවරු තිහක් සහ රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමට සැලසුම් කර ඇත.
එම සර්වපාක්ෂික ආණ්ඩුව බිහි කිරීම සඳහා වූ සාකච්ඡා දේශපාලන පක්ෂ සමග මෙන්ම අරගලකරුවන් සමගම සිදු කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇත.

පත් කරන ලද ඇමතිවරු 18 දෙනාට අමතරව තවත් අමාත්‍යවරුන් දොළොස් දෙනකු ඒ අනුව පත් වනු ඇති අතර සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් පිරිසකටද ඇමතිකම් හිමිවීමට නියමිත බව වාර්තා වෙයි.
මුදල් අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා යටතේ ම තබා ගැනීමට තීරණය වී ඇත.
