GSP + නැතිකර නොගන්නැයි යුරෝපා සංගමයෙන් රජයට සිහි කැඳවීමක්

ජී එස් පී ප්ලස් බදු සහනය ආරක්ෂා කර ගැනීම සඳහා අදාළ එකගතා පූර්ණව ආරක්ෂා කරන්නැයි යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයට දැනුම් දෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරතුර ශ්‍රී ලංකාවේ ආර්ථික සහ ප්‍රතිසන්ධාන කටයුතු වෙනුවෙන් තවදුරටත් කැපවන බවයි ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

යුරෝපා සංගමය මේ බව අවධාරණය කරන්නේ සාමකාමී විරෝධතාකරුවන් පිරිසකට ඊයේ අලුයම එල්ලවූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

සාමකාමීව රැස්වීමට සහ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට සිවිල් වැසියන්ට ඇති අයිතිය තහවුරු කරන්නැයිද යුරෝපා සංගමය ශ්‍රී ලංකා බළධාරීන්ට අවධාරණය කරනවා.

රටේ ආර්ථිකය නිසි මගට ගෙන ඒම සඳහා තිරසර වැඩපිළිවෙලක් සකස් කරන්නැයිද එහිදී මානව හිමිකම් – නීතියේ ආධිපත්‍යය – යහපාලන ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නැයිද යුරෝපා සංගමය තවදුරටත් දන්වා සිටිනවා.

ගතවූ වසර කිහිපයේදී යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට යුරෝ බිලියන 01 ක ආධාර සපයා ඇතැයිද 2017 වසරේදී යලි බලාත්මක කල ජී එස් පී ප්ලස් බදු සහනය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රබල පිටිවහලක් හිමිවූ බවද යුරෝපා සංගමය පෙන්වා දෙනවා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »