
ලොව වැඩිම ගුවන් ප්‍රමාදයන් සහිත ගුවන් තොටුපළ 10 අතරට සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළද නම් කර තිබෙනවා.
CNN ප්‍රවෘත්ති සේවය විසින් පසුගිය මැයි 26 සහ ජූලි 19 අතරදී ලබාගත් දත්ත ඇසුරෙනුයි මෙම ලැයිස්තුව සකස් කර ඇත්තේ.
ඊට අනුව අදාළ කාලසීමාවේදී සිඩ්නි ගුවන් තොටුපළේ කාලසටහන්ගත ගුවන් ගමන් අතුරින් සියයට 34.2 ක් ප්‍රමාදවිම් හෝ අවලංගු කිරීම් සිදුකර තිබෙනවා.

එය සමස්ත ගුවන් ගමන් සංඛ්‍යාවෙන් 1/3 ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයක්.
ඒ අනුව මෙම ලේඛනයේ 09 වන ස්ථානයට සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළ පත්වී තිබෙනවා.

සමස්ත ලැයිස්තුව :
1. Toronto Pearson International Airport (Canada)
2. Frankfurt Airport (Germany)
3. Paris Charles de Gaulle Airport (France)
4. Amsterdam Airport Schiphol (Netherlands)
5. London Gatwick Airport (United Kingdom)
6. Heathrow Airport (United Kingdom)
7. Munich Airport (Germany)
8. Athens International Airport (Greece)
9. Sydney Kingsford Smith Airport (Australia)
10. Orlando International Airport (United States)