Search

ඡන්දය දා බෝට්ටු කථාව මොරිසන්ගේ අතේ රෝලක් බව හෙළිවේ

ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් මැතිවරණය පැවති දිනයේ ශ්‍රී ලංකාවෙන් පැමිණි අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගැනීfමි සිදුවීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වාර්තාවක් ප්‍රසිද්ධ වී තිබෙනවා.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති එහි දැක්වෙන්නේ අදාළ මෙහෙයුම අවසන්ව නොමැති පසුබිමකදී පවා මැතිවරණ වාසි ගැනීමේ අරමුණ ඇතිව එවක අගමැති ස්කොට් මොරිසන් විසින් එම පුවත ප්‍රසිද්ධ කරන ලෙස ස්වදේශ දෙපාර්තමේන්තුවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයුතු ලෙස බලපෑම් කර ඇති බවයි.

මෙම සිදුවීම එදින ලිබරල් පක්ෂ මැතිවරණ කාර්යාලය විසින් විශේෂ පුවතක් ලෙස ප්‍රචාරය කර තිබුණා.

ඊයේ නිකුත් කල වාර්තාව අනුව ස්කොට් මොරිසන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ ලැජ්ජා විය යුතු බවයි වත්මන් ස්වදේශ ඇමතිනී ක්ලෙයාර් ඔනිල් පවසන්නේ.

අගමැතිවරයාගේ බලපෑම් හමුවේ වුවද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ස්වදේශ කටයුතු නිළධාරීන් නීතියට අනුකූලව කටයුතු කර ඇති බවද මෙම වාර්තාවේ අන්තර්තයි.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »