ඉන්දුනීසියාවේ සිට පැමිණෙන ගුවන් මගීන්ට නව නීතියක්

ඉන්දුනීසියාවේ සිට පැමිණෙන ගුවන් මගීන්ට ඔස්ටේ්‍රලියාව විසින් නව නීතියක් පණවා තිබෙනවා.

ඒ අනුව ඔවුන් මෙරට ගුවන් තොටුපළකට පැමිණි වහා පාවහන් සහ සපත්තු විෂබීජහරණය වෙනුවෙන් ලබාදීම අනිවාර්ය වනවා.

ගව මුඛ සහ කුර රෝගයේ අවධානම හමුවේ මෙම තීරණය ගත් බවයි ඔස්ටේ්‍රලියානු බළධාරීන් සඳහන් කලේ.

කෙසේවෙතත් ඉන්දුනීසියාවෙන් ගුවන් මගීන් පැමිනිම අත්හිටුවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය අගමැති රිචර්ඩ් මාල්ස් කියාසිටියා.

මෙල්බන් සහ ඇඩිලේඩ් ගුවන් තොටුපළ වෙත ඉන්දුනීසියාවෙන් පැමිණි මස් පාර්සල් 02 කින් ගව මුඛ සහ කුර වෛරස් කොටස් පසුගියදා හමුවී තිබුණා.

පාර්ශව කිහිපයක් කල ඉල්ලීම් සැළකිල්ලට ගෙනයි ගුවන් යානයෙන් පිටතට පැමිණෙන සියලූ මගීන් දැඩිව පරීක්ෂා කෙරෙන නව රෙගුලාසි මාලාවක් කඩිනමින් හඳුන්වාදීමටත් ඒ යටතේ පාවහන් හා සපත්තු විශබීජහරණය සඳහා නව රෙගුලාසි පැණවීමටත් පියවර ගෙන ඇත්තේ.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »