
පුරවැසියන් මර්දනයට වෙනුවට ජනතාවගේ විශ්වාසය යළි ඇති කරගැනීමටත්, රට තුළ ස්ථාවරත්වය ඇති කිරීමටත් පියවර ගන්නැයි කොළඹ අමෙරිකානු තානාපතිනි ජූලි චංග් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට දැනුම්දී තිබෙනවා.
ආර්ථිකය යළි ගොඩනැගීමට රජයට ගත හැකි ක්ෂණික පියවර වෙත අවධානය යොමුකිරීමේ වැදගත්කමද ඇය අවධාරණය කරනවා.
ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එල්ලවූ ප්‍රහාරය පදනම් කරගනිමින් තානාපතිනිය මෙම අදහස් පළකර ඇත්තේ ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි.

විරෝධතාකරුවන්ට එරෙහිව උත්සන්න වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව තමා දැඩි කණස්සල්ල ප්‍රකාශ කළ බවයි අමෙරිකානු තානාපතිනිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කලේ.
යහපත් අනාගතයක් සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාවක් සහ වගකීමක් ඇති බවද ඇය සිය සටහනින් පෙන්වා දී තිබුණා.
