රනිල්ගේ ඇමති මණ්ඩලය මෙන්න

නව කැබිනට් මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ දිනේෂ් ගුණවර්ධන මහතායි.

ඩග්ලස් දේවානන්දා මහතා ධීවර අමාත්‍යධුරයෙත් / සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා.

බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයායි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය හා ජල සම්පාදන අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නා.

වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යධුරය හා කෘෂිකර්ම අමාත්‍ය ධුරය හිමිවුනේ මහින්ද අමරවීර මහතාටයි.

විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ – බන්ධනාගාර කටයුතු – හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයායි.

හරීන් ප්‍රනාන්දු මහතා සංචාරක හා ඉඩම් අමාත්‍යධුරයෙත් / මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යධුරයෙත් දිවුරුම් දුන්නා.

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා රමේෂ් පතිරණ මහතායි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග මහතාත් / විදේශ අමාත්‍යවරයා ලෙස අලි සබ්රි මහතාත් දිවුරුම් දුන්නා.

බුද්ධශාසන , ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යධුරය හිමිවුනේ විදුර වික්‍රමනායක මහතාටයි.

කාංචන විජේසේකර මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසත් / නසීර් අහමඩ් මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් / ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා.

නලීන් ප්‍රනාන්දු මහතා වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයායි.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »