Search

ලාංකික සිසුන්ට ඔස්ටේ්‍රලියා ශිෂ්‍ය වීසා දීම වේගවත් කරන්නැයි ඔන්ලයින් පෙත්සමක්

ශ්‍රී ලාංකික සිසුන්ට ඔස්ටේ්‍රලියානු ශිෂ්‍ය වීසා ලබාදීම වේගවත් කරන්නැයි ඔස්ටේ්‍රලියානු මධ්‍යම රජයට බලකෙරෙන ඔන්ලයින් පෙත්සමක් අත්සන් කිරිම ආරම්භ කර තිබෙනවා.

උපාධි – පශ්චාත් උපාධි ඇතුලු අධ්‍යයන වැඩසටහන් රැස්ක සඳහා අයදුම්කර ඇති සිසුන් මාස ගණනක සිට බලා සිටින බවයි මෙම පෙත්සමෙහි සඳහන් වන්නේ.

කොළඹ පිහිටි ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් වීසා නිකුත් කිරීම කල් දමා තිබීම සහ ස්වදේශ දෙපාර්තමේන්තුවේ වීසා අයදුම් කාල සීමා වෙනස්වීම මීට හේතුවයි.

ශ්‍රී ලංකාව හැර අනෙකුත් රටවලට ඔස්ටේ්‍රලියානු වීසා නිකුත් කිරීමේ ප්‍රමාදයක් නැතැයිද පෙත්සමෙහි දක්වා තිබෙනවා.

වීසා ප්‍රමාදය හමුවේ සිසුන් මානසික වශයෙන් සිත් තැවුලට පත්ව ඇතැයිද අනාගතය පිළිබඳ අවිනිශ්චිත ස්වභාවයකට පත්ව ඇතැයිස මෙමගින් අවධාරණය කර තිබෙනවා.

එබැවින් අනෙකුත් රටවල් හා සමානව ශ්‍රී ලංකාවටද සළකා වීසා නිකුත් කරන ලෙසයි ඔස්ටේ්‍රලියානු රජයෙන් ඉල්ලමින් මෙම පෙත්සම අත්සන් කිරීම ආරම්භ කර ඇත්තේ.

ඔන්ලයින් පෙත්සම – https://www.change.org/p/australian-dha-should-expedite-the-visa-granting-process-for-sri-lankan-students?recruiter=1271713989&recruited_by_id=b5e8da70-0847-11ed-b1ef-87b796735dc8&utm_source=share_petition&utm_campaign=share_for_starters_page&utm_medium=copylink&fs=e&s=cl

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »