
ගව මුඛ සහ කුර රෝගයේ අවධානම හමුවේ ඉන්දුනීසියාවෙන් ගුවන් මගීන් පැමිණීම අත්හිටුවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය අගමැති රිචර්ඩ් මාල්ස් පවසනවා.
ඔස්ටේ්‍රලියාවේ ජෛව ආරක්ෂණ වැඩපිළිවෙල ඉහළම මට්ටමක පවතින බැවින් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැතැයි ඔහු අවධාරණය කලා.
මෙල්බන් සහ ඇඩිලේඩ් ගුවන් තොටුපළ වෙත ඉන්දුනීසියාවෙන් පැමිණි මස් පාර්සල් 02 කින් ගව මුඛ සහ කුර වෛරස් කොටස් හමුවීම හමුවේ එරටින් ගුවන් මගීන් පැමිණිම නතර කල යුතු බවට ඉදිරිපත්ව ඇති ඉල්ලීම් සැළකිල්ලට ගනිමිනුයි නියෝජ්‍ය අගමැතිවරයා මේ බව සඳහන් කලේ.

මේ අතර ඔස්ටේ්‍රලියානු ජාතික ගොවි සම්මේලනය ඉල්ලා සිටින්නේ ඉන්දුනීසියාව පමණක් නොව සෑම රටකින්ම පැමිණෙන ගුවන් මගීන් දැඩිව පරීක්ෂාවට ලක්කල යුතු බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මරේ වොට් සඳහන් කලේ ගුවන් යානයෙන් පිටතට පැමිණෙන සියලු මගීන් දැඩිව පරීක්ෂා කෙරෙන නව රෙගුලාසි මාලාවක් කඩිනමින් හඳුන්වා දෙන බවයි.

ඒ යටතේ පාවහන් හා සපත්තු විශබීජහරණය සඳහා නව රෙගුලාසි පැණවෙනු ඇති.