ගාලු මුවදොර විරෝධතාකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට – පිරිසක් රෝහල්ගත කරයි

ගාලු මුවදොර අරගල භූමියේ හටගත් නොසන්සුන්තාවය අතරතුරදී ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් එහි සිටි විරෝධතාකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ ජාතික රෝහල සඳහන් කලේ පිරිසක් රෝහල්ගත කර ඇති බවයි.

අද අලුයම 01 යි 30 ට පමණ යුධ හමුදා – ගුවන් හමුදා – පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් විශාල පිරිසක් අරගලභූමියට කඩා වැදී තිබුණා.

එහිදී විරෝධතාකරුවන් සහ කූඩාරම් ඉවත් කිරීමට යාමේදී දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබුණා.

මාධ්‍යවේදීන් සහ නීතීඥයන් ඇතුලු පිරිසකට මෙහිදී පහරදීමක් සිදුව ඇති බවද සඳහන්.

මේ වනවිට අරගලභූමිය ආරක්ෂක අංශ විසින් වටකර තිබෙනවා.

කෙසේවෙතත් 100 කට ආසන්න පිරිසක් තවමත් එතුළ සිරවී සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ගාලු මුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය ජාත්‍යන්තර පාර්ශව ගණනාවක් විසින්ද දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

කොළඹ අමෙරිකානු තානාපතිනි ජුලි චංග් සඳහන් කලේ තුවාලකරුවන්ට වහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

මේ අතර කොළඹ සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් සඳහන් කලේ සාමකාමී විරෝධතා සඳහා ඇති අයිතිය අවස්ථා ගණනාවකදී අවධාරණය කර ඇති බවයි.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »