
ශ්‍රී ලංකාවේ උද්ධමනය, පසුගිය මැයි මාසයේ පැවති සියයට 45.3 හි සිට ජුනි මාසයේ දී සියයට 58.9 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කලේ.
ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ පැවති සියයට 58.0 හි සිට ජුනි මාසයේ දී සියයට 75.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ පැවති සියයට 34.2 හි සිට ජුනි මාසයේ දී සියයට 43.6 දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව නිවේදනය කලා.
වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, පසුගිය මැයි මාසයේ පැවති සියයට 16.3 හි සිට ජුනි මාසයේ දී සියයට 20.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
