රනිල්ගේ ආණ්ඩුවේ කැබිනෙට්ටුව අද – අගමැති දිනේෂ් ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රජයේ නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

පෙරවරු 09 ට කොළඹ 07 මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එය ආරම්භ වනු ඇති.

නව රජයේ අග්‍රමාත්‍යවරයා ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන පළමුවෙන් දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙනු ඇති.

අනතුරුව නව රජයේ අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී පැවති ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ ට සහය පළකල විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකටද අද ඇමති ධුර හිමිවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »