පාසල් බසයක සිසුවෙකු පැය 05 ක් දමාගිය රියදුරුගේ සහ සහයකගේ වැඩ තහනම්

පර්ත් නගරයේ පාසල් සිසුවෙකු පාසල් බස් රථයක් තුළ පැය 05 කට ආසන්න කාලයක් දමා යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් එහි රියදුරුගේ සහ සහයකගේ වැඩ තහනම් කර තිබෙනවා.

පාසල් සිසුන් පාසල වෙත ඇරලවීමෙන් පසු පාසල් බසය නැවත නැවතුම්පොළ වෙත පැමිණ ඇතත් එක් සිසුවෙකු එහි සිටිනු රියදුරු දැක නැහැ.

ඒ අනුව 07 වන වසරේ සිසුවෙකුට පෙරවරු 09 සිට පස්වරු 01 යි 40 දක්වා බස් රථය තුළ සිටීමට සිදුවී තිබෙනවා.

කෙසේවෙතත් ඔහු සතුව ආහාර සහ ජලය තිබීම හමුවේ විජලනය වීමක් සිදුවී නැහැ.

මෙ සිද්ධිය සම්බන්ධයෙන් පර්ත් පොදු ප්‍රවාහන අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඒ අනුවයි රියදුරුගේ සහ සහයකගේ වැඩ තහනම් කර ඇත්තේ.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »