ඉන්දුනීසියා සංචාරකයන්ට ඔස්ටේ්‍රලියා දොර වහන්නැයි ඉල්ලයි

ගව මුඛ සහ කුර රෝගය පැතිර යාම හමුවේ ඉන්දුනීසියාවෙන් පැමිණෙන කිසිවෙකුටත් ඔස්ටේ්‍රලියාවට ඇතුලු නොවීමට අවසර නොදෙන ලෙස ෆෙඩරල් විපක්ෂය රජයෙන් ඉල්ලා සිටිනවා.

මෙල්බන් ගුවන් තොටුපළේ ඌරු මස් පාර්සලයකින් හා ඇඩිලේඩ් ගුවන් තොටුපළේ ගව මස් පාර්සලයක තිබී අදාළ වෛරස් කොටස් හමුවුණා.

ඉන්දුනීසියාවේ සිට පැමිණ තිබූ එම වෛරස් කොටස් සජීව තත්වයේ නොමැතිවීම නිසා පැතිර යාමේ කිසිදු අවධානමක් නැතත් කිසියම් අයුරකින් මෙම වෛරස් කොටස් රට තුළ ව්‍යාප්ත වුවහොත් ඩොලර් බිලියන 80 ක පමණ පාඩුවක් සිදුවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

ඡායා කැබිනෙට්ටුවේ ස්වදේශ ඇමතිනී කැරන් ඇන්ඩෲස් පවසා සිටින්නේ පවතින තත්වය බැරෑරුම් බැවින් රජය වහා තීරණයක් ගත යුතු බවයි.

දැනට ඔස්ටේ්‍රලියාව සහ ඉන්දුනීසියාවේ ජකර්තා – බාලි ඇතුලු ගමනාන්ත වෙත සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මකයි.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »