
ගව මුඛ සහ කුර රෝගය ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වී තිබෙනවා.
කෘෂිකර්ම ඇමති මරේ වොට් පැවසුවේ රේගුව වෙත ප්‍රකාශ නොකළ පාර්සලයක තිබූ ගව මස් පාර්සලයකින් එම රෝගය හමුවී ඇති බවයි.
අදාළ ගුවන් මගියා ඉන්දුනීසියාවේ සිට පැමිණ ඇතැයිද තහවුරු වී තිබෙනවා.

කෙසේවෙතත් ගුවන් තොටුපළේදීම අදාළ පාර්සලය විනාශ කර ඇති අතර බාහිර සමාජයට රෝග කාරක නිරාවරණය වැළැක්වීමට පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම ඇමතිවරයා සඳහන් කලේ.
ගව මුණ සහ කුර රෝගය පැතිර ගියහොත් එමගින් ඔස්ටේ්‍රලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 80 ක පමණ පාඩුවක් සිදුවිය හැකි බවටයි පසුගිය සතියේදී අනතුරු ඇගවීමක් සිදුකෙරුණේ.
