යාපනය මන්ත්‍රී පොන්නම්බලම් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකී

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදි මේ වනවිට පැවැත්වෙනවා.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වූයේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙනුයි.

අනතුරුව සභාව අමතමින් කතානායකවරයා සියලු මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ අද පැවැත්වෙන ඡන්ද විමසීම සාර්ථක කර ගැනීම සඳහා සහය දක්වන ලෙසයි.

මේ අතර ඡන්ද විමසීම පැවැත්වෙන ආකාරය හා මන්ත්‍රීවරුන් අනුගමනය කළ යුතු උපදෙස් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මෙලෙස කරුණු පැහැදිලි කළා.

යම් මන්ත්‍රීවරයෙක් භාවිත කළ ඡන්දයක් අවලංගු වීමට බලපාන හේතු සාධක සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මහලේකම්වරයා කරුණු දැක්වුවා.

අනතුරුව පළමුවෙන් සිය ඡන්දය භාවිත කරනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනයි.

අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ජී ජී පොන්නම්බලම් මහතා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »