වික්ටෝරියා ලේබර් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට දූෂණ චෝදනා

වික්ටෝරියා ප්‍රාන්තයේ දූෂණ මර්දන අංශ සිදුකල විමර්ශනයක වාර්තාවට අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ලේබර් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට දූෂණ චෝදනා එල්ල කර තිබෙනවා.

බදු මුදල් සහ ප්‍රජා අරමුදල් අයථා භාවිතය ඉන් ප්‍රමුඛ වන බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ.

මීට අදාළ සාක්ෂි විමසීම් පසුගිය වසරේ ඔක්තෝබර් – නොවැම්බර් කාලසීමාවේදී පැවැති අතර වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් ද සාක්ෂි ලබාදුන් පිරිස අතර වනවා.

වික්ටෝරියා ප්‍රාන්ත ලේබර් පක්ෂය තුළ සදාචාරය සැළකිය යුතු අන්දමින් බිඳ වැටී ඇති බවත් මෙම වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා.

එම තත්වය වහා විසඳීමට කඩිනමින් අනුගමනය කල යුතු නිර්දේශ 21 ක් ද අද නිකුත් වූ වාර්තාවට අන්තර්ගතයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »