නිවසේ සිට රාජකාරි දැන්ම අවශ්‍ය නැතැයි අගමැති කියයි

සියලුම රැකියා ස්ථානවල සහ ආයතනවල සේවකයන්ට නිවසේ සිට රාජකාරී කිරීමට නියෝග දීමට ෆෙඩරල් රජය මෙම අවස්ථාවේ සූදානම් නොමැති බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

එක් එක් ආයතනය විසින් සුදුසුම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම වඩාත් සාර්ථක බවයි අගමැතිවරයා සඳහන් කලේ.

ඇන්තනී ඇල්බනීස් මේ බව කියාසිටියේ එට පුරා වැඩිවෙමින් පවතින කොවිඩ් අවධානම පාලනයට නිවසේ සිට රාජකාරි කිරීම යළි හඳුන්වා දෙන ලෙස ඉදිරිපත්ව ඇති ඉල්ලීම් පිළිබඳ සිය ප්‍රතිචාරය දක්වමිනුයි.

අවශ්‍ය තරම් එන්නත් මාත්‍රා රට තුළ පවතින බවද අගමැතිවරයා අවධාරණය කලා.

එබැවින් කොවිඩ් පාලනයට ඇති පහසුම ක්‍රියාමාර්ගය වන එන්නත්කරණයට යොමුවීම හොඳම ක්‍රියාමාර්ගය බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් කියාසිටියේ.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »