ඔස්ටේ්‍රලියාව තුළ රැකියා පුරප්පාඩු ලක්ෂ 05 කට කිට්ටු වෙයි

දැනට ඔස්ටේ්‍රලියාව තුළ රැකියා පුරප්පාඩු 480,100 ක් පවතින බව නවතම සංඛ්‍යාලේඛණ වාර්තා පවසනවා.

එය 2020 වසරේ පෙබරවාරි මාසය හා සැසඳීමේද සියයට 111 ක ඉහළ යාමක් වීම විශේෂත්වයක්.

මින් වැඩිම පුරප්පාඩු පවතින්නේ සෞඛ්‍ය සහ සමාජ සේවා අංශයේ වන අතර එය 68,900 ක් පමණ වනවා.

ආගන්තුක සත්කාර සහ ආහාර සේවා ක්ෂේත්‍රයේ පුරප්පාඩු 51,900 ක් පවතින බවද සඳහන්.

03 වන ස්ථානයට පත්ව ඇත්තේ තාක්ෂණික සේවා අංශයයි.

එහි රැකියා පුරප්පාඩු 42,900 ක් පමණ පවතින බව වාර්තා වනවා.

ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය සියයට 3.5 ක් වැනි අඩු අගයකට පත්ව ඇතැයි පසුගියදා තහවුරු කෙරුණා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »