නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදි පැවැත්වෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන විරෝධය හමුවේ ඉල්ලා අස්වීම නිසා ඇතිවූ පුරප්පාඩුව වෙනුවෙන් අයෙකු තෝරා ගැනීම වෙනුවෙනුයි මෙම ඡන්ද විමසීම පැවැත්වෙන්නේ.

ඡන්ද විමසීම සදහා ඉදිරිපත් වන අපේක්ෂකයන් සංඛ්‍යාව 03 ක්.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ / පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එම අපේක්ෂකයන් තුන් දෙනායි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයක් මගිනුයි මින් එක් අපේක්ෂකයෙකු තෝරා ගැනෙන්නේ.

මේ අතර පාර්ලිමේන්තුව හා ඒ අවට අද දිනයේදි දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා පොලිස් නිළධාරින් විශාල පිරිසක් ඒ ආසන්නයේ රාජකාරී සදහා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »