ගතවූ පැය 24 තුළදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 12,201 ක් වාර්තා වී තිබෙනවා.
එය පසුගිය මැයි මාසයෙන් පසු එක් දිනයකදී ප්‍රාන්තයෙන් සටහන්වූ දෛනික වැඩිම ආසාධිතයන් ගණනයි.
මේ අතර පාසල් සිසුන්ට හැකිතාක් මුව ආවරණ භාවිත කරන්නැයි ප්‍රාන්ත නියෝජ්‍ය අගමැති ජසින්ටා ඇලන් ඉල්ලීමක් කරනවා.
කොවිඩ් තත්වයේ කිසිදු අඩුවක් දක්නට නොලැබෙන බවයි ඇය අවධාරණය කලේ.
මේ අතර හුදකලා විය යුතු කාලය අඩු කිරීමට මෙය සුදුසු කාලය නොවන බව අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ කාර්යාලය නිවේදනය කරනවා.
හුදකලා කාලය තවදුරටත් අඩු කළ හැකිද යන්න සෞඛ්‍ය නිලධාරීන් නොකඩවා ගවේෂණය කරන බවයි එහි දැක්වෙන්නේ.