වාහන පොලිස් භාරයට ගැනීම අතින් වික්ටෝරියා ප්‍රාන්තය පෙරමුණට

විවිධ වාහන වැටලීම් සිදු කිරීම් අතින් වික්ටෝරියා ප්‍රාන්තය පෙරමුණට පැමිණ තිබෙනවා.

විශේෂයෙන් මාර්ග නීති උල්ලංඝනය කර මහමග නතර කිරීම සහ රිය අනතුරුවලට සම්බන්ධවීම එම ප්‍රධාන හේතු වනවා.

පසුගිය වසරේදී වාහන 11,391 ක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබූ අතර එහි සාමාන්‍ය්‍ය දිනකට වාහන 31 ක් වනවා.

එහෙත් 2020 වසරේදී ලොක්ඩවුන් පැවති සමයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ එය දිනකට 36 ක සාමාන්‍යයක් ලෙස පැවතී තිබෙනවා.

එනම් 2020 වසර පුරා වටලනු ලැබ තිබූ වාහන ගණන 13,188 ක්.

මෙම වාහන හිමියන්ගෙන් සියයට 20 කට රියදුරු බලපත් තිබි නොමැති අතර සියයට 48 කට කුමන හෝ නුසුදුසුකමක් තිබී තිබෙනවා.

එමෙන්ම සෑම 10 දෙනෙකුගෙන්ම අයෙකු නියමිත වේග සීමා ඉක්මවා රිය ධාවනය කර ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය පවසන්නේ.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »