Search

ජනපති ඡන්දෙට නම් ගැනීම අද

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී සිදුවනවා.

ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ පනතට අනුව ධුරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම්දුන් දිනයේ සිට ජනාධිපතිවරයා පත් කරගන්නා තුරු වෙනත් කිසිදු කරුණක් න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට හැකියාවක් නැහැ.

ඒ අනුව අද සහ හෙට පාර්ලිමේන්තුවේ සිදුවන්නේ නව ජනාධිපතිවරයා තෝරා ගැනීමට අදාළ කටයුතු පමණයි.

මේ අනුව අද වෙන් වන්නේ ජනාධිපතිධුරය සදහා නාම යෝජනා භාරගැනීම සදහා පමණයි.

නාම යෝජනා භාරගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවන නිලධාරියා හෙවත් තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයායි.

අද පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ජනාධිපති ධුරයට ඉදිරිපත්වන මන්ත්‍රීවරුන්ගේ නාමයෝජනා භාරදෙන ලෙස දැනුම් දෙනු ලබනවා.

ඉන් අනතුරුව දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් තම පක්ෂයේ අපේක්ෂකයා යෝජනා කිරීමට නියමිතයි. තවත් මන්ත්‍රීවරයෙකු එය ස්ථිර කළ යුතු අතර, අදාළ අපේක්ෂකයා යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාව වනවිට සභා ගර්භය තුළ රැඳී සිටීම අනිවාර්යයි. එසේ නොමැති වුවහොත් ඔහුගේ හෝ ඇයගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වනවා. එම කටයුතු සියල්ල අවසන් වීමෙන් පසු අදාළ අපේක්ෂකයා තමන් තරග කිරීමට කැමති බව සහ ජනාධිපති ධුරයෙහි සේවය කිරීමට කැමති බව ලිඛිතව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දිය යුතුයි.

ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ පනතට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් කථානායකවරයා හැර ඕනෑම මන්ත්‍රීවරයෙකුට ජනාධිපති අපේක්ෂකයා ලෙස තරගයට ඉදිරිපත් විය හැකි අතර ඒ සඳහා සීමා පනවා නැහැ. කෙසේවෙතත් කථානායකවරයාට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නොහැකි වුව ද ඔහුට ද ඕනෑම අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පැවතීම විශේෂත්වයක්.

යම් ආකාරයකින් එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් පමණක් යෝජනා කර ස්ථීර කළහොත්, එම මන්ත්‍රීවරයා පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කරනු ලැබ තිබෙන බව අද දිනයේම මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලබනවා.

එසේ නොමැතිව එක් මන්ත්‍රීවරයකුට වඩා වැඩි දෙනෙකුගේ නම් යෝජනා කොට ස්ථීර කළහොත් හෙට දිනයේදී ඡන්ද විමසීම පවත්වනු ඇති.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »