
මෙල්බන් ඉදි කිරීම් සේවකයන් ලොව ඉහළම වැටුප් තලවල සිටින පිරිසක් බව අනාවරණ වී තිබෙනවා.
ඔස්ටේ්‍රලියාවේ වැඩිම වැටුප් ප්‍රතිශතය වන පැයට ඩොලර් 124 ක් ඔවුන් විසින් උපයන බවයි සඳහන් වන්නේ.
යුරෝපය සහ අමෙරිකාව හා සැසඳීමේදීත් එම කලාපවල වැඩිම වැටුප් ප්‍රතිශතයන් හා මෙල්බන් ඉදි කිරීම් කර්මාන්තයේ සේවක වැටුප් හා සමානවීම විශේෂත්වයක්.

ලොව පුරා සංසන්දය කිරීමේදී ඔස්ටේ්‍රලියාවේ විදුලි කාර්මිකයන් වසරකට ඩොලර් 240,000 ක් / වඩු කාර්මිකයන් වසරකට ඩොලර් 220,000 ක් ලෙස වැටුප් උපයනවා.
එහෙත් මෙල්බන් හි ඉදි කිරීම්ප සේවකයන් සිටින්නේ ඔවුන්ටත් වඩා ඉහළිනුයි.

රැකියාවේ ඇති අවධානම් තත්වය හා සේවක හිගය මීට ප්‍රධාන හේතුවයි.