
ලබන පළමුවනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.
තරගාවලියේ හිමිකාරීත්වය දරන සමාගම විසින් කල ඉල්ලීමක් පරිදි එම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය එල් පී එල් තරගාවලිය පැවැත්වීමට තරම් සුදුසු තත්වයක නොමැති වීම ඊට හේතුවී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියද වෙනත් රටකදී පැවැත්වෙන ළකුණු පළවී තිබෙනවා.
ඒ අනුව බොහෝ දුරට ලබන අගෝස්තු 27 වනදා සිට සැප්තැම්බර් 11 වනදා දක්වා කාලය තුළ ඩුබායි සහ ශාජා යන ක්‍රීඩාංගණවලදී එම තරගාවලිය පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මේ සම්බන්ධ අවසාන තීරණය ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ලබන 22 වනදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
පසුගිය සතිය වනතෙක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කලේ ආසියානු කුසලානය සැළසුම් කල පරිදිම ශ්‍රී ලංකාවේදී පවත්වන බවයි.