ලංකා දේශපාලනයේ තීරණාත්මක සතියක් ඇරඹේ

ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක සතියක් අදින් උදාවනවා.

ඒ මීලග ජනාධිපතිවරයා තෝරා ගැනීම සම්බන්ධ පාර්ලිමේන්තු ඡන්ද විමසීම තවත් පැය 72 කටත් නොඅඩු කාලයකදී පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙනුයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිී ඩලස් අලහප්පෙරුම මේ සඳහා තරග කරන බවට මේ වන විටත් නිල වශයෙන් දැනුම් දී අවසන්.

එමෙන්ම, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද තරග කරනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

මේ අතර, ජනාධිපති ධුරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායකයන් අද නැවතත් රැස්වනවා.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ අවසන් තීන්දු තීරණ කිහිපයකට එහිදී එළැඹීමට නියමිත බවයි.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »