
ගෝඨාභය රාජපක්ෂ, එළැඹෙන මාසයේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කළේය.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
ගෝඨාභය රාජපක්ෂට විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද ලැබීමට නියමිතව තිබේ.

ඒ අනුව ඒ මහතාට හා ඔහුගේ බිරිදට කොළඹින් නිල නිවසක්, ආරක්‍ෂක බල ඇණියක්, වාහන ඇතුළු වරප‍්‍රසාද රැසක් හිමි වෙයි.
දැනට විදෙස්ගතව සිටින ගෝටාභය රාජපක්‍ෂ විසින් ඉල්ලා සිටින අවස්ථාවක මෙම පහසුකම් ලබා දීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

-LANKACNEWS