Search

වික්ටෝරියා සෞඛ්‍ය පද්ධතියට නව සේවකයන් 400 ක් බඳවා ගනී

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතිය නගා සිටුවීම සඳහා ඩොලර් මිලියන 162 ක නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ යටතේ නව සේවකයන් 400 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ.

ඊට අමතරව තෝරාගත් රෝහල් 12 ක් සඳහා තවත් සේවකයන් අනුයුක්ත කිරීමටද පියවර ගන්නා බවයි ඔහු ප්‍රකාශ කලේ.

ශීත සෘතුවත් සමග කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවට අනාවැකි පළවීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ.

විශේෂයෙන් ගිලන් රථ ප්‍රමාදයන් වැළැක්වීමට වැඩි අවධානයක් යොමුකර ඇති බවද ප්‍රාන්ත අගමැතිවරයා ප්‍රකාශ කලා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »