
පාසල් නිවාඩු සමය අවසන්වීමත් සමග අද දිනයේ නැවතත් සිඩ්නි ගුවන් තොටුපළේ දැඩි තදබදයක් හටගෙන තිබෙනවා.
මෙම සති අන්තයේදී 350,000 කට අධික පිරිසක් ගුවන් තොටුපළ හරහා ගමන් කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
සේවක හිගය මෙන්ම කොවිඩ් හමුවේ හුදකලාව සිටීම හේතුවෙන් අඩු සේවක පිරිසක් සේවයට වාර්තා කිරීමෙන් තත්වය තවත් උග්‍ර වනු ඇති බවටද වාර්තා පළවනවා.

කෙසේවෙතත් ප්‍රමාදයකින් තොරව ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරන බවයි ක්වන්ටාස් ගුවන් සේවය පවසන්නේ.
තම ගුවන් යානාවලින් සියයට 85 ක් පමණ නියමිත පැයේදීම පිටත්කර යැවුණු බවද ඔවුන් සඳහන් කලා.
