
ජනාධිපති ධූරය සදහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අභිනව ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඩලස් අලහප්පෙරුම සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.
දැනට පුරප්පාඩු වී ඇති ජනාධිපති තනතුරට සුදුස්සකු තෝරා ගැනීමේ ඡන්දයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට ප්‍රකාශ කළේ කුමන පදනමක් මත දැයි එහි සභාපති ජී.එල්.පීරිස් මහතා ලිපියක් යොමු කරමින් පක්ෂ මහලේකම් සාගර කාරියවසම්ගෙන් විමසා ඇත.

නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ ඡන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කළ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සගාර කාරියවසම් මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එම නිවේදනයට පිළිතුරක් ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා මෙම ලිපිය යොමු කර ඇත.
