
අත්හිටුවීමට තීරණය කල කොවිඩ් දීමනා 02 ක් ලබන සැප්තැම්බර් 30 වනදා දක්වා තවදුරටත් ගෙවීමට ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීයි.
මේ අනුව කොවිඩ් හමුවේ හුදකලාවීමට සිදුවන සේවකයන්ට ගෙවන ඩොලර් 750 ක දීමනාව තවදුරටත් ලබාදීමටයි තීරණය වී ඇත්තේ.

එහි පිරිවැයෙන් අඩක් ප්‍රාන්ත රජය විසින්ද අනෙක් කොටස ෆෙඩරල් රජය විසින්ද දරනු ඇති.
මේ අතර ජාතිත සෞඛ්‍ය හදිසි තත්වයකදී ගෙවිමට නියමිත අරමුදල්ද අඛණ්ඩව සිදුකිරිමට ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙම තීරණ හමුවේ ප්‍රාන්ත රජයන්ට සහ ෆෙඩරල් රජයට ඩොලර් මිලියන 780 ක පිරිවැයක් දැරීමට සිදුවන බව අගමැති ඇන්තනී ඇල්බනීස් කියාසිටියා.
මින් පළමු ගෙවීමට අදාළ අයදුම් කිරීම ලබන බදදා සිට ඔන්ලයින් ක්‍රමයට සිදුකල හැකි වනවා.