NSW පැමිණි ජාත්‍යන්තර මගීන් 03 ක් සතුව තිබී කොවිඩ් නව උප ප්‍රභේදයක් හමුවෙයි

නිවු සවුත් වේල්ස් වෙත පැමිණි ජාත්‍යන්තර මගීන් 03 දෙනෙකු සතුව තිබී කොවිඩ් නව උප ප්‍රභේදයක් හමුවී තිබෙනවා.

මෙම නව ප්‍රභේදය රටවල් 10 කින් හමුවී ඇති බව සඳහන්.

ලෝක සෞඛ්‍ය සංවිධානයද ඒ පිළිබඳ විමර්ශනය කරමින් සිටින නමුත් එය තවමත් වැඩි අවධානයක් යොමුකල යුතු ප්‍රභේදයක් ලෙස ප්‍රකාශ කර නැහැ.

මේ අතර රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලබාදීමේ මධ්‍යම රජයේ සහනදායී වැඩසටහන මෙම මස අවසන් වන බැවින් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා නොමිලේ ඒවා ලබා දීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සැලසුම් කර තිබෙනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන්ට ලබන සඳුදා සිට Aged care වල නේවාසිකයන් බැලීමට අවසර හිමිවනවා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »