වැඩබලන ජනපති ලෙස රනිල් දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස මීට සුලු වේලාවකට පෙර අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට නිල වශයෙන් නිවෙිදනය කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි ප්‍රතිපාදන අනුවයි රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස දිවුරුම් දුන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් පළමු අවස්ථාවද මෙයයි.

ජනාධිපති වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු ප්‍රතිපාදන අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙනු ලබයි.

පාර්ලිමේන්තු බහුතර ඡන්දයකින් ලබන විසි වැනිදා නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට නියමිත ය.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »