ලංකාවේ අලුත් ජනපති තේරීම ලබන බදාදා

මාධ්‍ය නිවේදනය

පාර්ලිමේන්තුව හෙට (16) සෙනසුරාදා රැස්වේ

• ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව හෙට පාර්ලිමේන්තුවට නිවේදනය කෙරේ
• පෙර තීරණය කළ පරිදි නාම යෝජනා කැදවීම ලබන 19 වැනිදා, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම 20 වැනිදා – අද පැවති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා දැනුම් දෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව හෙට (16) සෙනසුරාදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරයන් වෙත දැනුම් දෙයි.

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුව ඇති වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතුය.

මේ අනුව එම පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව මහලේකම්වරයා විසින් හෙට (16) නිවේදනය කිරීමට නියමිතව ඇත.

මේ අතර අද පෙ.ව 10.00 ට රැස්වූ පක්ෂ නායක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා දන්වා සිටියේ මීට පෙර පක්ෂ නායකයන් විසින් තීරණය කළ පරිදි ලබන 20 වැනිදා නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරා ගැනීම සිදුකරන බවයි.

ඒ අනුව ලබන 19 වන අගහරුවාදා නාමයෝජනා කැදවීමත් ඉන් අනතුරුව ලබන 20 වැනි බදාදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව මන්ත්‍රීවරයෙකු ජනාධිපතිධුරය සදහා තෝරා ගැනීම සිදුවන බවත් මෙහිදී කථානායකවරයා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මෙම ක්‍රියාවලිය නෛතික ප්‍රතිපාදන අනුව කිසිදු බාධාවකින් තොරව කඩිනමින් සිදු කිරීම සදහා සියලු පාර්ශවයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද කථානායකවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »